
ශීශීරයේ ලියූ කෙටි කවි
කවුදෝ පෙර තැබූ
පිය සටහන් මත
සීරුවෙන් තබමි පය
හිම මතින් යද්දි
————-‐———————————-
සීතල පොරවගෙන
බස්සෙක්
හ්ම් හ්ම් හඬින් වෙව්ලන
————————————————–
බොඳවී පෙනේ
මීඳුමට
රතු සංඥා එළිය
අධි වේගී පිවිසුමට පෙර
—————————————————
හිම කබාය අස්සේ
මකුළුවෙක්
උණුසුම් වෙන්නද මන්දා
—————————————————–
හිම වැටෙන උදයෙත්
වලාකුළු හා එක්වයි
කම්හලේ දුම
—————————–