ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පිනි කිනිත්තක් හැඩවෙලා …

පිනි කිනිත්තක් හැඩවෙලා …

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-June

සීතලම සුන්දරම දවසක , පිනි කිනිත්තක් හැඩවෙලා

පොරෝගෙන එන හීතලෙන් , ගුලිවෙලා යලි ගුලිවෙලා

තුරුළු වුණු ආදර හැගුමකින් , මතක ඇත යලි ගුලිවෙලා ….

ගැලවිලා කොල ගැලවිලා, කැලැන්ඩර් පිටු ඉගිලිලා

ආයෙමත් ඒවිද ඇවිදගෙන , තුරුණු විය යලි පියඹලා

යන්න ඒ සොදුරුම අතීතෙට, යමුද අපි අත් අල්ලලා

සුසුදු සුසිනිදු මුව පුරා, විසිරි විසිරුණු මල් හිනා

හෙටත් උදයම පුබුදුවන්නට, සලනු මැන ඒ මල් හිනා

ජීවිතේ පිණි මල් වහින්නට, පැතුම් ගෙනඑයි වාසනා …..