
පියාණනී……
නිමක් නොපෙනෙන සසර කතරේ
ඇවිද යද්දී ලොවින් තනිවී
කුළුණු ගුණයෙන් පිරුණු ඔබෙ නෙතු
සොයා සිත වෙහෙසෙයි……
පියාණනි දකින තුරු වැළපෙයි…..
පාළු නිසසල රාත්රි යාමේ
තනිවෙලා සීතලෙන් මිරිකී
සිටින විට මනසින් දැනුණු ඔබෙ
සුසුම් පොද සුවයයි……
පියාණනි සුයාමය කැඳවයි….
කිසිදු හව් හරණක් නොමැතිදා
ගරා වැටෙනා දිවි තලාවේ
දැනුණු සරතැස නිවා ගත්තේ
මතක පැන් පොදිනුයි…..
පියාණනි මතකයද මිහිරියි………
ගායනය: ලක්මිණි උඩවත්ත
තනුව සහ සංගීතය: රෝහන ධර්මකීර්ති