ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කලාවේ සමාජමෙහෙවර යනු – ඇයයි.

කලාවේ සමාජමෙහෙවර යනු – ඇයයි.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
2023-December

අන්දා ශ්වේත සළු සංසුන් කර අඩිය
බන්දා ස්වර තන්ත්‍ර තනුවට අඩු වැඩිය
කැන්දා සරසවිය පවන ට මුසු එඩිය
නන්දා තමයි රුපු යුධයට ජය කොඩිය

නැඟ මල්යහන මත රණබෙර වයන්නී
ගඟ ලෙඳ නොනැවතී තෙම තෙම ගලන්නී
රඟ සෝබා පසාකර හී ගයන්නී
මඟ නොනවතින්නී සටනට වඩින්නී

නවනලු රසම එක පලයක දරාගෙන
තව එක ඇසක් නළලත මත වසාගෙන
ගව සම්පතට ප්‍රඥා රස බෙදාදෙන
මව නුඹ තමයි දැය නලවන දරාගෙන

කංහැන්දක තරම නොතකා උඩඟුකම
නන් ඇගයුම් නොගෙනබර රැක සරලකම
දංගෙඩි දැකදැකම හිස සෘජු බවින් තම
සංහිඳ උපන් පණඇති වෙණ තතක් සම

නොකී ගී ගීකර නව
දුඛී දැය රැක වී මව
රැකී තෙදබල තව තව
සුඛී දීඝායුකො භව!!!