![](https://londonkavi.com/wp-content/uploads/2024/03/6224cc2e-768e-4606-a778-13a98a8524c5.jpeg)
දුවල එන්නම් ළඟම දිනයේ
ආස නැතුවම නොවේ අකුරට
සිදාදියෙ ගිණි අවුවෙ දැවුණේ
අම්මෙ නුඹෙ බර ටිකක් ගන්නයි
මෙහෙව් ලොවකට දෑත පෑවේ
හිරුත් සඳු පායනා ලෝකෙක
අඳුර රජයන අපේ ලෝකේ
හිනාවෙන්නට හේතු හොයනව
අපේ වරදද රිදුම් දෙන්නේ
ලොකුම මිනිහෙක් නොවේ අම්මේ
වෙන්න නුඹ මට කියා දුන්නේ
හොඳම මිනිහෙක් වෙයන් කියලයි
ආදරෙන් නුඹ හාදු දුන්නේ
දෑතෙ කරගැට දුකක් නෑ මට
පඩිය ලැබෙනව ලබන මාසේ
බේත් තුණ්ඩුව අරන් හනිකට
දුවල එන්නම් ළඟම දිනයේ