
කුඩයක තනිව තෙමෙමි එක්ව
නාදුනන සගය
ඇසුනිද නුඹට
ඒ විසුළු සිනහව
කුඩ අතැතිවුන් නැගුව
වැසි සිත්තරා අදින
“දරිද්‍රතා රන්ද්‍ර” සිත්තම දැක
නුඹ කමිස පිට මත
මැදින් මද මැවෙන
කුඩයකට යටව
සිනාසෙමි මමද
සිතින් වැළඳගෙන නුඹව
දිලිසෙන පිළියමින්
වසාගෙන සිටින
උන්ගේ බොරුවට……