![](https://londonkavi.com/wp-content/uploads/2024/01/9aaeee96-875c-444b-ab4f-a257ae2051d2.jpg)
කාලය නවතින්න
නවතින්න කාලය.
නොනැවතී නොනිදා
කිමද මේ දිව යන්නෙ?
බිළිදු හැඩ හැර දමා
වෙනස් කොට හැඩ තලය
කිමද මේ දිව යන්නෙ?
නවතින්න කාලය.
ඝන නීල කෙහෙරැල්ල
දිගු නීල නෙතු කැල්ම
ඔද වඩන චවි වර්ණ
තුනු සිරුර සිසි වුවන
වෙනස් හැඩ ගන්වමින්
කිම්ද මේ දිව යන්නෙ?
නවතින්න කාලය.
එබස් ඇසූ කාලය මෙසේ කීය:
‘නොනවතිමි මම
නවතින්න ඔබ’