
ඔබ එන්න…
මේ නිසල විල් තෙරට
හෙටත් පායන සඳට
අද වගෙම ආදරෙයි
නීල ඉඳුවර අහස…
නිමා නොවනා පෙමින්
විල් කොපුල් සිඹින්නට
තවම පාරමි පුරන
අර ඈත තරු මඩල…
උදුල සඳ නෙතු පහස
මා ලයට තුරුළු වන
මැදියමෙත් ඉකිබිඳින
හදවතම සොරාගෙන…
මතක ඇවිදින් නොයන
දුක කඳුලූ වී සැලෙන
මේ රැයට සමුදෙන්න
සිහිනෙකින් ඔබ එන්න…