![](https://londonkavi.com/wp-content/uploads/2023/11/Nanda-Malanee-1.jpg)
ඈ මාලනී මෙසේ සිතුනි
අයුක්තියට එරෙහිවෙලා
යුක්තිය තහවුරු කරන්න
හඬ අසිපත සටන් කළා
ගී මල් හිස පළන්දන්න
ඇති උන්ගේ වැඩවල හැටි
පොඩි උන්ටත් කියා දෙන්න
යුගයේ ගැහැනිය නුඹ වේ
සත්සර ගී නාද දෙන්න
හීන දකින පෙම් සිතිවිලි
පමණක් නොව රට හදන්න
එදා පවන හඬ නැගුවේ
දරුවන්ටත් හිනා වෙන්න
එහෙත් තවම මොකද? වෙන්නෙ
අදටත් බැහැ හිතා ගන්න
ඒ වුණාට ඔබ හඬ නැගු
සත්සර ගී නාද දෙන්න