ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇසිල්ලෙන් ලියවුණු කවි

ඇසිල්ලෙන් ලියවුණු කවි

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2022-November

1) අද දිය බොර ය
නමුදු ගඟ පියකරු ය.

2) ඈ වැසිබර අහසක් ය
මොනරුන්ට පමණක්
ප්‍රිය වඩන

3) ගඟක් නොමවෙමි
විලක් වෙමි
නොරිසි බැවින්
කරදිය

4) රෑ සඳ යට
බිඟුන් මත්වනු දැක
මල් මත,
නිදිගැට පිසියි
මගේ කවි සිත

5) ඉඟිමරනු දැක
හිමිදිරි නිම්නයක
නීල තරු කැට
සැරුම් පත් දිග හරියි
ඔහු සිත
සොයා යන්නට
ඇගේ දෙනයන