
අත්තෙන් අත්තට …………
කලක් පෝෂිත පැසුණු අත්තක්
දැඩිව අල්ලා සුවය ලබුවෙමි …
එයින් ගෙනදුන් සතුට සම්පත
කෙටිකලක් තුළ තුටුව වින්දෙමි …
කලක් ගිය කල පැසුණු අත්තත්
දුබල වන බව හැඟුම් දුන්නෙමි ..
ලඟම ඇති වෙර සහිත අත්තෙහි
නොමඳ පෙම් බැඳ ලැගුම් ගත්තෙමි …
දිනක් පැමිණිය මන්ද මාරුත
ඇය ලැඟුම් ගත් වියළි රුක් අත …
හඬා වැටෙමින් කඩා වැටුනා
හැඟුමකින් තොර ඈ ඉදිරිපත…
එලෙඹි දිනකදී මෙලෙස වියලී
ලබැඳි අත්තත් කඩා වැටුනා …
එය දැනීමෙන් ලබැඳි රුක හැර
වෙනත් ගහ අතු සොයනු සිතුනා …