ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ප්‍රේම ස්මාරකයක්..

ප්‍රේම ස්මාරකයක්..

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා
2023-April

ගලක් වී ගිය හදවතක් ළඟ
නොලත් බව ඉඩ දැන දැනත් මම
මලක් තවමත් එ’ගල අසලින්
තබන්නෙමි මතකයට සම වැද..

පෙර දිනක මට පෑ සියුම් වූ
සුමට පෙම් කැටයම සිතින් විඳ..

නුරා හසකැන් මලානික කොට
කිරා දී රිදවුම් කඳුළු කැට
පරාජිත ප්‍රේමයක බර මට
කියා දෙන්නද අවැසි නුඹ හට..

කියා දෙන්නද අවැසි නුඹ හට
මගෙන් ඔය තරමට දුරන් සිට..

තියා ගිය ගල් හදවතින් මතු
නෙලා ස්මාරයකයක් ලෙසින් පැතු
උපත අප පෙම ඇරඹු දින සහ
විපත නුඹ මා අතැරි දින තතු

තියනවද සටහන් නෙතින් රතු..
එයයි අවසන් පැතුම මා පැතු..