ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිනිදු පුලුන්

සිනිදු පුලුන්

මනුල රන්දික වික්‍රමාරච්චි - 4-B කේරි විදුහල
2023-January

සිනිදු පුලුන් විසිරිලා වගේ
අන්න බලන් සුන්දර අහසේ
උදේ දවල් හවස රෑ
හැම තිස්සෙම එක වගේ

කුරුල්ලන් පියඹලා
අහස පුරාම
අහසේ ලස්සන
දෙගුණ තෙගුණ වෙයි

අහස ලස්සනයි
පොළොව ලස්සනයි
දසත ලස්සනයි
ලොවම හැඩ කරයි