ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අනියතයි ජීවිතය

අනියතයි ජීවිතය

අංජලි චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2021-December

පිපුණු මල් මිලින වී යන සේ
අප ද මිය යයි දිනෙක එලෙසේ
නොමැරෙනා  අයවලුන් විලසේ
කුමට රඟමුද අපිත් මෙලෙසේ

අරුත්බර වූ සඵල දිවියේ
සැනසුමයි නිති පවන් සැලුවේ
අරුත් සුන් වූ නිසරු දිවියේ
නොමැත අගයක් විඳී දුකසේ

සසර ගමනේ බැඳුණු ආසා
අතැර යනු හැකි නම් විසේසා
සිත කියන හැමදේම නාසා
හිඳිනු හැකි නම් නොමැත දෝසා