ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හඬ නිහඬ

හඬ නිහඬ

දිල්රුක්ෂි ගුණතිලක
2022-December

කිචි බිචිය
හිකි බිකිය
කචු කුචුව
ගුරුවරුත්
නිදි කරන
නිහඬ බව!

සිලි සිලිය
මුණු මුණුව
සිරි සිරිය
සඳ එළිය
පුබුදුවන
නිහඩ බව!

කච කචය
චිරි චිරිය
චරු චුරුව
කන් අඩිය
පුපුරවන
නිහඬ බව!