නිදි කුමාරී නම් නැගිට්ටා
“ඇනුණි දවසක පොඩි තුඩක්
රිදුණි කුමරිට මහ හුඟක්
වැටුණි නින්දට සියවසක්
නැගුණි ආ දින හොඳ කලක්”
එදා තිබුනා පොතක ලියලා
පුංචි සන්ධියෙ තිබුණු පෙරළා
බැරිද ඒ වගෙ වෙන්න කියලා
ඔලුව රිදුනා හිතල හිතලා
මෙදා ඇනෙණා කටු වලට විස
නිදා සදහට ඉමු වසා ඇස
සිතා කුමටද කසකසා හිස
නින්ද නොගෙනෙයි හිස්ව ඇති කුස
ඒත් බැලුවම ආයේ හිතලා
ඇත්තටම අපි නිඳන් ඉඳලා
ඇනුණු කටුවෙන් පණක් ලබලා
නැගිටින්න කාලයයි කියලා