ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අංජානා ……

අංජානා ……

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-September

මගේ හදවත ආදරෙන් පුරවා
ඔබේ හසරැල් මාළිගා තැනුවා
ගියත් විමනේ රන් දොරටු හැරදා
ඉන්නවා තව බලන් ඔබේ රුව මා …..

වසර ගතවී කාලයත් ඇවිදා
තාම හීනෙන් ඔබ ඇවිත් යනවා
පොඩි කුඩේ යට ගුලිවෙලා ගියදා
තාම යනවා හිතින් අත පටලා ….

පාට හැඩවී තුරු උයන් හැඩදී
බලා උන්නේ එනතුරා එක්වී
සීත මීදුම් වලා පෙල මැදදී
දගකරන ඔබ පෙනෙනවා පෙරදී