ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුම්රියපළක දසුනක්

දුම්රියපළක දසුනක්

කපිල කුමාර කාලිංග
2023-January

දුම්රිය කවුළුවෙන්
එබී බැලුවෙමි
පසුකර යන
දුම්රියපළ දෙස

එක පෙළට හිඳ සිටින
මගීන්
දුරකථන දුරකථන දුරකථන
සැවොම වැඩ
අතැති දුරකථනයෙන්

අනිමින්
අසමින්
කියමින්

අවට ලොව ගැන
නැතිද කිසි හැඟුමක්
උමතුවී ද සැම දන
ඇලී ගැළී දුරකථනයට

මැළවුණු එළවළු
දෙක තුනක් ඇති
මල්ලක් අතින් ගත්
මැදිවියේ මිනිසෙක් පමණක්
හිස බිමට නවාගෙන
බර කල්පනාවක

22/12/05