ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බුදු රුව

බුදු රුව

උපාලි අත්තනායක - මහනුවර
2023-January

සුළං පිණි පොද ගලා එනවා
විදින ගල් කටු පහර දැනිලා
ටිකෙන් ටික බුදු රුවක් මැවිල
සුවහසක් බැති සිත් පිරීලා

අනන්තවු බුදු ගුණ අඹන්නට
නොහැක මට ශිල්පය මදි
නොදැක්කත් බුදු හිමි නෙතින්
සමාධි ගුණ අසා ඇත මම.

වැටෙන දහදිය ගල් කුළුණු මත
සියුම් වූවා තවත් කැටයම
මවන්නට බුදු ගුණ කදම්බය
හැකිවුනේ අල්පයක් පමණය.

2022 .12 .09 .