ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගොරහැඩි පෙම

ගොරහැඩි පෙම

රුවන්තිකා සඳලි - බණ්ඩාරගම
2023-January

හුස්ම දැන් බර වැඩියි උහුලන්න බෑ නොවෙද
ඒ බවක් දැන දැනත් සන්තාප දිය හැකිද
ඔතා දුන් හාදු දෙක මගදි විසි කෙරුවාද
නීති කොලෙජීයේ පෙම නුඹට දැන් අමතකද

ගුරු පාට රැළි ගවුම තවම නුඹ අඳිනවද
දණ ළගට තිබු කොණ්ඩෙ කැපුව බව ඇත්තක්ද
තෑගි දුන් පෙන්ඩනය තවම පොත් අස්සෙමද
ආදරය අකුරු කළ ලියමනත් ඉරුවාද

ඇස් පියන් වහගත්තා ඉර බහින ගොම්මනේ
ඔබෙ රුවම ඇයිදො මේ මැවිලා මට පෙනෙන්නේ
ගොරහැඩියි කඩතොලුයි ප්‍රේමෙ මට හැගෙන්නේ
වැළලුවෙමි පෙම් හැඟුම් හදවතේ සුසානේ

කඳුළු කැට දෙක තුනක් වැක්කෙරුණා කම්මුලට
විරහවේ පුළුටු ගඳ දැනුණා නැහැ පුඩු වලට
ආලයේ කමටහන් බිඳුණේම නුඹෙ නමට
පිරිමි හිත බයයි බං නුඹෙ නෝක්කාඩුවට