ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

When I’m dead.. විසල් හදක කවි

When I’m dead.. විසල් හදක කවි

රබීන්ද්‍රනාත් ඨාකූර්
2023-August

මා මියැදි කල
ඔබ තුළ බොහෝ කදුළු වැගිරෙනු ඇත,
එහෙත් එය දැනුමට
නැත මා එහි,
එබැවින් දැන්
මා සමඟ හඬන්න …..

මා මියැදි කල
මල් එවනු ඇත ඔබ,
එහෙත් එය දකින්නට
මා එහි නැත,
එ’මල් දැන් ම
මා වෙත එවනු මැන…

මා මියැදි කල
ඔබ ගුණ ගී වයනු ඇත,
ඇසෙන්නේ නැත
ඒ කිසිත් මට,
දැන් ම ඒ ප්‍රශංසා
කියනු මැන…

මා මියැදි කල
මගේ වැරැදිවලට
සමාව දෙනු ඇත,
එහෙත් එය දැන ගනු රිසින්
මා එහි නොමැත,
මගෙන් වූ වරදක් වෙතොත්
දැන් ම අමතක කරනු මැන …

මා මියැදි කල
අහිමි බව දැනේවි ඔබට මා,
එහෙත් එය දැන ගනු රිසින්
මා එහි නොමැත,
එන්න මා සමඟ
දැන් ම කාලය ගත කරන්න…

මා මියැදි බවට
පණිවුඩය ලද කල
අවසන් ගෞරවය දක්වනු රිසින් පැමිණේවි
දුර සිට ඔබ,
අවුරුදු ගණනකින්
අප කතා නොකළා විය හැක,
දැන් ම මට
කන් දෙන්න,
අමතන්න ………..෴෴෴