ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙවෙනි ගමන.

දෙවෙනි ගමන.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
2021-July

(ණයක් අවශ්‍ය වැ ඇත )

කියවා හදාරා මනාලෙස
සැලසුම් සහගතව ම
තනියම වැඩියෙ ම් කම්පා ව
ධාතු පිරිනිවීමට පෙර.

තිස්ස නවතිනු තිස්ස….

කුණුම කන කැරපොත්තෝ ම
පිස දාති සිය මුව නිතරම
“හයියෙන් ඝන්ටාර ගහන්නෙම
ලොකුම පවු කාර උපාසක ”

අවාසේ පිළිකන්නේ බෝතල් වල
පිරිත් පැන් අඩි ඇත සැරට ගොඩ ගොඩ
දෙවුදත් වොයිස් කට් දෙත් චැනල් වල
සෝපාක දෙසත් මුණි බණ තැබෑරුම් වල

අහෝ මනිඅක්ඛිත –
අනුත්තර දහම දැන් හොඳට මාකට් ය
කුමට වැඩියේ ද කල්‍යාණිය ට
විශාල ශබ්දයක් නංවාන?

කුණු කන්ටේනර් ද ගිනිගන්න ළඟ නැවු ද
ගාණකට ආවොතින් පරමාණු බෝම්බ ද
වඩම්මා ගොඩගහත් සුදුරෙදි හොරු
කරබාත් සිවුරු හොරු

තිස්ස තිස්ස….

නැඟපන් ගල උඩට මුවා එක්කම
මෙ සමය නොවේමැ ය ධර්මය ට
පියාගෙන් හිඟමනක්‌ ඉල්ලා දෙම්
වැසියනට කන්ඩ බොන්ඩ දෙන්ඩ.

තෙ වේලකට අරං දෙමි
දෙ වේලක මිළ සොරාකා
වේලක් කන්න දිය හැක උන්ට.