ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දැන් ඉතිං අපි යමුද කන්ථක

දැන් ඉතිං අපි යමුද කන්ථක

විදර්ශා පතිරත්න - කොබෙයිගනේ
2023-January

මාලිගාවක ඉසුරු කන්දක
සැතපුනත් නෑ සුව ඇබින්දක
අවදි වුණි සිහිනයෙන් නින්දක
ජීවිතේ පිනි බිඳකි කෙන්දක

රැගෙන ගියමුත් එදා ලන්දක
බිම්බාව අද තාම නින්දක
රාහුලෙක් ඇති ඇගේ සන්තක
ගැලී නවතිනු නොහැක අන්තෙක

ලොවක් දැවෙනා රුදුරු ගින්නක
කුමකටද මේ සියළු සන්තක
සඳ මෝදු උන සීත පින්නක
දැන් ඉතිං අපි යමුද කන්ථක