ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉසිඹු නොලත් මහැදුරු

ඉසිඹු නොලත් මහැදුරු

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-July

සුරවිරු පුතෙකි විදුදය සරසවි මවට
පැහැසර විදා සාහිත සිනමා ලොවට
නොමසුරු මෙහෙය නිජබිම වෙත පිදු බවට
හරසර කලා විරුදාවලි ලද රුවට

සඳ එළියක් ම වී සුනිමල ගී ගඟට
බඳ දදවැල් ම සම්මානෙන් නිති පුදට
ලද සුරුකම් ම උපතින් ඔහු – අපෙ පිනට
නද දී යශෝ නොමියෙයි ඒ නම හෙටට

යසි’සුරු රිදී තිරයට දියතින් දුන්නේ
කළ සරු රසික හදවත සැනසිලි ලන්නේ
නැණසුරු දෙනෙත මෙ’බිමට නැහැ ණය වෙන්නේ
මහැදුරුතුමනි කවදද ඉසිඹුව ගන්නේ

( ජූලි 28 වන දිනට ජන්ම දිනය යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට උපහාර පිණිස ය)

කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ විශ්වවිද්‍යාලය .