ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙට පාසලට පැමිනෙන විට දරුවා අත පවුලේ චායාරූපයක් එවන්න – පංති භාර ගුරුතුමිය

හෙට පාසලට පැමිනෙන විට දරුවා අත පවුලේ චායාරූපයක් එවන්න – පංති භාර ගුරුතුමිය

නුවන් තොටවත්ත
2021-January

අල්මාරියේ තියන්
හොරෙන් ඉඳ හිට බලන
නො එන බව නොකියා ම
ඔහු යන්න පෙර ගත්ත

සන්තකේට ම තියෙන
එකම එක පින්තූරෙ
දුව අතේ එවනවා
අපි තුන්දෙනා ඉන්න

කෙට්ටුවට ලස්සනට
දිග කොන්ඩෙකුත් එක්ක
ඉන්න ඒ කෙල්ල මම
එපා සැකයක් ගන්න

“පවුලෙ පින්තූරයක්
වෙන්නෙ කොහොමද මේක”
සැරවෙන්න කලින් එක
මොහොතකට ඉවසන්න

ලෝකයට නොපෙනෙන්න
පින්තූරෙ එක තැනක
ඈ ඉන්නවා කියා
දුවට කියලා දෙන්න