ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කනවැන්දුම් ……

කනවැන්දුම් ……

චමරි වික්‍රමසිංහ - පිලියන්දල
2023-August

තාත්තෙක් උන්නාද
තාම රහසක් මට
ගමේ උන් අවජාතකී කිව්වට
එකම දවසයි ඇඬුවෙ ඇත්තට.

මම දැඩි මුනි වෙච්චි දවසෙම
සුමනය වැටිල මලා ගහකින් පල්ලට
අම්මා මට මූසලී කිව්වට
හේතුව දන්නෙ නෑ මම ඇඬුවෙ වචනෙට.

අවුරුද්ද පහු උනේ නෑ මරනෙට
ආයෙ බඩක් ආවා අම්මට
නංගිත් ආවා ටික දොහකින් එලියට
තාත්තෙක් උන්නෙම නැ අපේ ගෙදරට .

එක බයක් තිබ්බා ඒ කාලේ හිත යට
නංගිත් දැඩි මුනි වෙච්චි දවසක
කවුරු හරි වැටෙයිද ගහකින් පල්ලට
නංගිත් මූසලී වෙයිද අම්මට.

දුක ඒ මුකුත් නෙවෙයි මේ මට
අම්මා කනවැන්දුම් වෙයිද
දෙවෙනි පාරට.