හුදකලාව…
දරා ගන්න බැරි ,දුකක් රිදවනා…..
පුරා දෙනෙත් අග ,කඳුළු දැවටුනා…
දරා අහස කළු වළා පෙලක රැඳි…
වරා මලක සේ , සුළඟේ පාවී යන්නට සිත් දේනම්…
නොයනු මැනවි පාවී…!
විරාගික සිතුම් ,හද ගැබ රඳනා..
නුරා හැඟම් සිත , මනමත් කරනා…
අරා ගගන , මදනලේ සුවය විඳි..
සරා සඳක සේ ,අඳුර නසා පායන්නට
සිත් දේනම්….
නොඑනු මැනවි පේවී…!
ගිමන නිවන්නට , පිනිබිඳු වැටෙනා..
සෙවන ලබන්නට ,මහ රුක් වැවුනා..
නැගුන කඳු මුදුන ,ගිණිගෙන දැවෙනා..
ලැබෙන ඉඩක් ,සම්මතය නොවුන කල ..
දෙසිතම පෑරේ නම්…
හිඳිමු සිතින් තනිවී…!
ලලනී ගීකියනගේ.
රත්නපුර.
2023.05.28