ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිස් අහස

හිස් අහස

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම - ලන්ඩනය
2021-August

අහස මං වගෙයි මාත් ඒ් වගෙයි
ඇතිවිමක් නැතිවීමක් නැති අහසේ ඇති හිස් බව
නිම් හිම් නැත අකාලිකයි සනාතනයි
හිස් අවකාසෙන් මතුවෙන ඉර හඳ තරු
බැබළි බැබළි දිලිසෙනවා විටකදි නොපෙනී යනවා
ඒ් අනන්ත අවකාසෙන් මතුවුණු මා යම් දිනකදි
දැවැන්ත ඉර හද වාගෙම හිස් අවකාසෙම දියවී
අජරාමර බවට හැරී හිස් අවකාසෙම වෙනවා
ඒ් හිස්බවතුළ මතුවෙන සෑම දේම මායාවකි
ඇත්තක් වැනි නැත්තකි ඒ්
පරම ඇත්ත ඒ් නැත්තයි නිවන කියන්නෙත් ඊටයි