ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මධු බදුනේ සැගවුණු ප්‍රේමය

මධු බදුනේ සැගවුණු ප්‍රේමය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-December

හීන වැහි කෝඩයේ
සුදෝ සුදු මීදුමේ
ගල් ගැහුණු සීතලේ
නුඹ නොමැති මේ රැයේ
ඉතිරි යන මධු බඳුන
රැගෙන එන්නේ
හද විලේ නිධන් වූ මතකයයි
නුඹ නමින් උපන් ඒ ස්නේහයයි

මිහිරිතම වසන්තය
සෙනෙහසේ දිගන්තය
කිඳුරු රූ විලාසය
නුඹ දිලුණු නිමේෂය
හද විලේ පීදුනේ
සිත් මලයි ප්‍රේමයේ
නුඹ කෙරේ උපන් ස්නේහයයි

බිඳී ගිය කැටපතේ
ඡායාව නුඹේ රුවේ
විසිරි ගිය මාරුතේ
හිස් වුනේ ජීවිතේ
බඳුන සේ මධු විතේ ….