ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගන්න ගන්න මාගෙ වලිගෙ…

ගන්න ගන්න මාගෙ වලිගෙ…

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2023-May

දිය පාරක් පෙනි පෙනී යනවිට මග ඇහිරුනී දෙපාවුන්ගෙ ඉව දැනී ගසකට නැගුමට වුනී
කැමර කාච ආම් පන්න
අටවාගෙන මාව ගන්න
රථවාහන වටකර ගෙන
මට විදියක් නෑ බහින්න
පිපාසයට දිය බිඳුවක් බොන්න නොදී කිසිම ඉඩක් පින්තූරය ගන්න මිසක් සිතේ ඇතිද කරුණාවක්
සේයාරුව ගන්න මගේ ඉවසිල්ලක් නැතුව වගේ දුටුවිට කරනා තරඟේ දැමුවෙමි එළියට වලිගේ