ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපල ගුරු ශනි දෝෂ ……

අපල ගුරු ශනි දෝෂ ……

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-December

ඉඩක් ලද ඇසිල්ලෙක හිරුත් හිම පියල්ලක

අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන

පමාවට කාරණා හොය හොයා හිත තවන

සද කුමරී පමාවන අදුරු රැය අප දකින

හාවාට, ආවාට විදු නැණින් කිව්වාට

දකින සොමි සදේ නම් මිහිර නෑ තව අඩුව

අටවකින්, පුරවකට බිදෙන් බිද එළිය වන

මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම

තරු රටා මව මවා ජීවිතය එළිය දෙන

සිතුම් පෙල රටාවට පැදුරු මිටි වියනවද

ග්‍රහයින්ගේ ගමන් මග ඉරෙන් අප දුරස් කොට

විටින් විට ගෙනෙනවා අපල, ගුරු,ශනි දෝෂ