ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පෙම්බර පියෙක් සේ අපගේ මනසෙ රැඳූ

පෙම්බර පියෙක් සේ අපගේ මනසෙ රැඳූ

චමිලා නවගත්තේගම - ලන්ඩනය
2023-July

හිරු නොබසිනා දේසෙක හිඳ කවි ගොතලා
සිරි ලක් පුතුන්ගේ දස්කම් දැක බලලා
ඒ හැම දෙනා තුටු වදනින් සුබ පතලා
ඔබ හට එවයි ජන්මෙට ජය පැන් දොවලා

කවියට කලාවට සම වැද මිහිර බෙදූ
සුවිසල් ගසින් පල බර කර ලොවම සැදූ
පෙම්බර පියෙක් සේ අපගේ මනසෙ රැඳූ
අතු ඉති බෙදී රස පද වැල් ගෙතූ කඳූ

සිතෙන කවි පද ගොතා රස කර ලියා හසුරා
නයන පිනවන ඔබගෙ සුවයට සවනෙ තවරා
දැනෙන සිතුවිලි දහස් ගනනින් හදේ උතුරා
පතන පැතුමන් සිරිය ලැබ දෙයි ඉන්න ඉඳුරා