ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල විල

සුනිල විල

කපිල කුමාර කාලිංග
2023-July

පිය රැව් දෙන
බිඟු කැඳවන
සියපත් සිය
ගණනින් පිප
සුනිල විලකි

ඒ විල් තෙර
උතුරා යන
ගී බඳුනකි
මියුරස පිරි

දිය මත ඇඳි
සළ රූ දැක
තුටු වෙති දන
පෝසත් සිත

විල ගැඹරෙහි
බිහි මිණි මුතු
දුලබ ගුණැති
පසිඳුය ලොව