ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුනිල් ආරියරත්න මැතිදුන් ට පිදෙන උපහාරය

සුනිල් ආරියරත්න මැතිදුන් ට පිදෙන උපහාරය

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2023-July

සරුංගලේ විලසින් ආ
පාවෙන සිතුවිලි
කුස පබාට ජිවයදුන් ආදර
සැලකිලි
බිම්බා දේවියගෙ නෙතග
තෙත්කල කදුලැලි
ක්ෂිර සාගරය කළඹා
අතුරයි ඇතිරිලි

ආදරයේ කදුල සුසුම නිති
මනසේ ඇන්දු
යව්වනයේ සටන් බිමට
ජය ගී වැල් රැන්දු
බොදු සිත්වල මෙත්කරුණා
සුවය හිතට කැන්දූ
අරිරත් මැතිදුනි ගී ලොව
කිරුළ සිරස රැන්දු

මහ සයුරම දිය බිඳු ලෙස මනිනු
නොහැකි සේමා
ඔබ අසල දි වෙල් යායක වී ඇටයක්
මෙනි මා
හිරු කිරණ ද මුදු සොමි ගුණ එක් වූ
සඳ සේ මා
ඔබ ගුණ කද පදවැලකින් අමුණනු
මම කෝමා

විශ්වයටම සතුට බෙදන කලා
කෙතක් වේවා
නිල් අඹරම එලිය කරන
හිරු සේ සුදිලේවා
රටා මවන පන්හිද ළග
අතැගිලි මුදු වේවා
නියගයෙදිත් දිය නොසිදෙන
කවි උල්පත වේවා

මහනුවර
20/05/2023