ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අකාලයේ මියගිය අම්මාට!

අකාලයේ මියගිය අම්මාට!

කුමරි විජේරත්න - ලන්ඩනය
2021-November

අම්මා වැවූ ගස් වැල් මල් ගේ පියස
මැලවී තිබේ නොලැබී ඔබගේ පහස
දුක් වේදනා තිබුනත් උසටත් අහස
ඔබගෙන් උගත්තෙමි සතුටින් සිටි රහස

“කිසිම දෙයක් මට හිමි නැහැ” කීවාට
සියළු දෙයම ගෙන ගිය බව දැනෙයි මට
තනිකම තුරුළු කර රහසින් ඇඩුවාට
මගෙ දුක නොදැනෙන්න ආදර අම්මාට

රෝග වලට පිළියම් තිබුනත් බෝම
කුරිරු ලෙසට අප වෙන් කෙරුවේ කෝම
ලෝකෙට සෙතක් ලෙස අප ජීවත් වීම
ඔබගේ පැතුම එය ඉටුවේ හැමදාම

12.10.2021