ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පින් මඳ පුතුන් ………

පින් මඳ පුතුන් ………

රංජිත් ද සිල්වා - නවසීලන්තය
2022-November

හම්බ කරපු මුදල් – ඉඩම් – ගෙවල්
යන දවසට අරන් යන්න බැහැ කියලා
හාමු….. කිව්වා මතක් වෙනවා

දානෙට පිරිකර දුන්නෙත්
මැනලා වගේ හරි අඩුවෙන්
කතා කලත් කටිනෙ දෙන්න
අනේ මන්ද බැහැ කිව්වා

කොත පළඳන උත්සවේට
බර පැන දැරුවෙත් නැති කොට

ආවාසේත් දැන් මදි හින්දා
තව කාමර තුනක් ගන්න
මුල් ගල් පෙළ තිබ්බ දවසෙ
මහත්තයා ආවෙත් නැහැ

ඉතින් මෙහෙම වැඩවලටත්
දායකත්වේ දෙන්නේ නැතිව
මහත්තයට ……….
පින් ඇත්තෙම නැහැ ගෙනියන්නට

මහත්තයෝ මුදල් – ඉඩම් – ගෙවල්
තියන් ඉඳලා පලක් නැහැනේ
ඒවා හරවල දෙන්නම් – පින් ප්‍රමානෙ වැඩිකරන්න
ගිලන් පසට බීම ටිකක්
අරන් එන්න – අපි හවසට කතා කරමු

27ඔක්තෝබර් 2022