ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිරිත් මල්දම කාව්‍යයේ සිත්ගත් කවි

සිරිත් මල්දම කාව්‍යයේ සිත්ගත් කවි

ඇම් .ඇල් .සිල්වා ගුරු මුහම්දිරම් තුමා
2021-November

ගුරුන් දැක එන සඳ
තමන් උන් තැන නොම හිඳ
ගමන් පෙරටුව වැඳ
කරන සැලකිලි අසුන් කර පුද

ගුරුන් සිත නොරිදනු
කීකරු කමින් පවතිනු
එකට එක නොකියනු
සතුටු මුහුණක් නිතර පෙන්වනු

තරුණ සිතකින් වත්
කුලගොත් උඬගුවෙන් වත්
ඉසුරු බවකින් වත්
ගුරුන් නොතකා ඉඳුම නොහොබිත්