ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවියට ආසිරී ….

ලන්ඩන් කවියට ආසිරී ….

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-August

කවිපොත් ගිලිහිලා යනකොට අතින් අත

වෙබ් පිටු , මුහුණු පොත මත ඇත තරුණ හිත

කොට කොට අකුරු පුවරුවෙ ඇති යතුරු මත

කවිපද ලියනවා සමහරු ඇතුව හිත

සෙවුම් මෙවලමෙන් ගන්නා රූ අලවා

පියකරු අකුරු ගලපයි ගුණයෙන් බලවා

වෙබ් නැණ ඇතිව ඩිජිටල් ගැලපුම් කරවා

මාසෙන් මාසෙ හැඩවෙයි මේ කවි දරුවා

සදැසින්, නිසදැසින් සහ පෙර පැවති කවීන්

කදිමට, සීරුවට අමුණන ලබැදි පෙමින්

ලොව දස දෙසින් කවි එක්කොට වෙහෙස වෙමින්

කරනා මෙහෙය අගයමි, ආසිරි තුණුරුවන් බෙලෙන්