ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බැන්ෆ් වන පෙතේදී ……

බැන්ෆ් වන පෙතේදී ……

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-August

ග්ලැසියර කදු මුදුන්වල ඇත , තාමත් සීතයි

බැලු බැලු අතම , නිල්පාටයි කොළ පාටයි

ගලනා ගං දියකෙලිය නැටුමක හැඩ පාටයි

යලි යලි ඇවිත් ඉන්නට හිතෙනව සත්තයි

වැටිලා හිරුඑළිය විල් දිය නිල්පාටයි

සෙවනැලි මවනකොට කදු එක එක පාටයි

ඉර නගිනවා , බහිනවා බැල්මත් පින් පාටයි

රැස් කන පිරිස අතරට එක්වුනේ ඒකයි

ලොව දස අතින් ඇවිදින් රස බලන ඇසින්

කැමරා , ෆොටෝ මානා රැස්කරයි හොදින්

නොනසා පරිසරය ගෙවමින් දවස හෙමින්

මතකය අරන් යමු අපි මේ අසිරි සිරින්