ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලි සැලී අතු අග පිපී

සැලි සැලී අතු අග පිපී

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2023-December

සැලි සැලී අතු අග පිපී
මඳ මරුන් හා සුරතල් වෙවී
මඟ බලා ඉන්නේ බමරු එනකත්
පිපුණේ ම බමරුන්ට යි
නාවොතින් දුක මලට ම යි

සුන්දරයි සුවඳයි ඒ මල
පවස සනහන පැණි පිරෙයි
බමරු ඒ මල රස සොයයි
මල හිතා ඉන්නේ……
බමරු මට හරි ආදරෙ යි
කණට ලංවී රහසින්
මලට කොඳුරා කියන්නෙත්.
නුඹට මම හරි ආදරෙයි

රස කථා එක දවස යි
හවස මේ මල මුකුලිතයි
හෙට හැඩට තව තව මල් පිපෙයි
බමරු යන්නේ ඒ දෙසයි

පිපෙණ මල් හැම පරවෙයි
ඉර හඳත් ඇවිදින් බලයි
මුහුදකට කඳුළු හැලුවත්
ගිය දවස ආපසු නොඑයි
මතක විතරක් ඉතිරි වෙයි

මතක ⁣සොඳුරුයි මිහිරියි
ඇවිත් යනකොට හිත රිදෙයි
ලොකයේ හැටි එහෙමයි
ඒ සොබා දහමයි

01-10-2023