ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි
2023-August

වඳනා සුරන් කිරුල’ග රුවන කැලුමෙනා
බඳනා කොමළ ලතු විලසළ රනින් මනා
මඩනා බැවින් සියපත එහිමි පතුලෙනා
බියෙනා ළතඹ හෝපලු සදිසි වෙවුලනා

නමස්කාර කරන්නා වූ දෙවිවරුන් ගේ ඔටුණු අග මැණික් වල කාන්තිය කරණ
කොට ගෙන තවරන ලද මනරම් වූ ලාකඩ විලාශය පෙන්වූ රතු පාටින්
හොබනා වූ ඒ ස්වාමීන්, තම පතුලෙන් නෙළුම් මල මැඩගෙන නොහොත්
පාගාගෙන සිටින හෙයින් ලා රත් පාට වූ අශෝක දළු භීතියෙන් වෙවුලන්නාක්
වැනිය