ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දහමක සුවය…….

දහමක සුවය…….

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2023-May

සදහම් සිසිලෙන් හිමිගුණ මහිමෙන්
හද තුල කුසුම් පිපෙන්නා
පිපි බැති කුසුමන් වෙසඟේ පෝදා
හිමි පා පහස ලබන්නා.

සල් තුරු සෙවනේ මදනල පවනේ
අරුමෙක අසිරි මැවෙන්නේ
පියුමන් මතුයේ ලෝ සෙත් පැතුයේ
පින්වත් කුමරු වඩින්නේ.

දිලෙනා බෝ පත් සිහිලැළ් පවනේ
සුවයකි ලෝ පැතිරෙන්නේ
මොහඳුර පළවා සදහම රඳවා
හිමි තිලොවම ජය ගන්නේ.

සැලෙනා බෝපත් මදනල පවනේ
මැළවුනු බවකි පෙනෙන්නේ
හිමි නෙත් පියවී හැම නෙත් බොඳවී
දහමක සුවය සොයන්නේ.