ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතය අපි හොයනවා ….

ජීවිතය අපි හොයනවා ….

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-March

ජීවිතය අපි හොයනවා ….
ගෙදර වත්තේ තිබුණු ගස් ටික
කපා වනසා Interlock කර
කඩෙන් ගෙනැවිත් පාට මල් පැල
ආයෙ වත්තම හදනවා
ජීවිතය අපි හොයනවා

අම්මා, අප්පා යවා ගෙදරින්
බෙදා වැඩිහිටි නිවාසෙට දන්
සෙල්ෆි දහයක් ගහනවා
Facebook හැඩ කරනවා
ජීවිතය අපි හොයනවා

කප කපා දිගු සේද වරලස
Saloon කට් එක අනුව ඇහිබැම
නේක නම් ඇති Cream උල උල
මූණේ ලස්සන හොයනවා
ජීවිතය අපි හොයනවා

වීසිකර තිබු සරල දිවි පැස
බදා සංකර ගති සිරිත් රැස
Busy කිය කිය දවල් රෑටත්
සල්ලි පොදි මිටි බදිනවා

නිමා නැති තරගයක් මැද්දේ
ජීවිතය අපි හොයනවා
අපට අපි මගහැරෙනවා