ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් …!

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් …!

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2022-April

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් …

සුවද හමන අවුරුදු ….බක් මහ අසිරිය මැවූ
හෙල අවුරුදු යලි සිහිකර….මතකය එයි නිරතුරු

කැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් …..
කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් …..
දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ……
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් …..

රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් …..
වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ….
උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ……
ආයෙත් ඒවිද අපහට කවදාවත් ……

වටයක් කැරකී හිරුවට ලොකු රවුමක්….
ලබනා දවසට සරුවෙයි හැම නිවසක් ……
පවුලේ හැමදෙන එක්වෙන එක මොහොතක් ……
ආයෙත් ඒවිද ඒ වගෙ අවුරුද්දක් ……..