ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සහෝදර පෙම

සහෝදර පෙම

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
2023-August

සහෝදර පෙම ~

රනින් පැහැ වුණු සියක් පත් දෙක
එක ම පොකුණක දෙතැන පිපුණා
එකට නොව එය දෙවාරයකට
එක ම ලෙයකින් හද ම පිරුණා
කලක් ගිය තැන වාසනාවට
සහෝදර සිත් තදින් වෙළුණා
පිපුණු තැන් මතකයෙන් ගිලිහී
එක ම පොකුණක සිනහා රැදුණා…

කවුරුදෝ අප වෙතට සපැමිණ
නුඹ මගෙන් ගෙන යන්න ඇසුවා
යන්නෙ කොහොම ද කියා නුඹ මගෙ
උර මතින් මහ ගඟක් තැනුවා
නුඹ තැනූ ඒ මහා ගඟ මැද
මගේ හදවත ගිළී තිබුණා
යන්න ඉඩ දී නුඹ දිහා මා
ලොවට රහසින් බලා දැවුණා
අඩ-දබර නැති නුඹේ දැගලිලි
පුංචි විලටත් පාළු තැනුණා
නැවත නුඹ ඉක්මනින් එන බව
කවුරුදෝ මට කියනු ඇහුණා…!