ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංත්‍රාසය

සංත්‍රාසය

වෛද්‍ය සුමුදු ඉරසිංහ - එක්සත් රාජධානිය
2021-June

සූරා ගෙන අන්සතු සකලේ
රන්මසු පොදිබැඳ සඳලුතලේ
අත් හල නොහැකි ව සුසුම් සැලේ
මරණය අබියස ලොව සසැලේ…

හොඳ සිහියෙන් හුස්මක් යදිනා
දහසක් දෙන දුටුවෙමි හඬනා
මොහොතක් ඉන්නට දිවි රැකෙනා
සහසක් දේ කලමුත් නැසුනා…

කෙනෙකුට වෙනසක් නොවන ලෙසේ
සැමට ම පෙර පින් පව් විලසේ
පිලිගත නොහැකි නමුත් සතොසේ
මොහොත පැමින කල යා යුතු වේ..

21/05/21