ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සසරක වෙහෙස

සසරක වෙහෙස

කාංචනා පෙරේරා කපුගේ - කොළඹ
2023-July

විඩාබරය මේ ජීවිතය
ගිරිදුර්ඝ නිමනැති
ගිමන් නිවනට හිසට
හෙවනකුදු කැප නැති…

ගෙවා ආ මේ දුරත්
මහහුඟක් නම් නැති
යායුතුයි තව බෝම
සැනසුමක් ලඟ ඇතී….

සිහිල් සැනසුම් සදන
උරපතක් හිමිවැති
බැඳීමක් රැකුමකට
පරපුරෙන් මට ඉඩ නැති….

සසර ණය බැමි
අවසනක් නොදකිති
නුඹ තරම් නිවනක්
මට අහිමි නැතුවැති…