ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක වත

මතක වත

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2022-February

හවසක සිතිජ රේඛාවක සොඳුරු වත
මදටිය පැහැය මුසු වූ මළ හිරුගෙ රත
මුහුදක සුළං රැළි හා මීවිතක මත
තවරා ඇන්ද ඔබෙ සිතුවම තවම ඇත

සයුරට මදක් ඔබ්බෙන් වන අවන්හල
අබියස රැඳී දොඩමළු වූ ගිමන් කල
අදටත් තිබෙනු දුටුවා ඔබෙ අකුරු වල
තනිවම විඳිනවද ඔබ මීවිතක ඵල

ඔබෙ සිතුවමක කවියක මීවිතක හිඳ
හැම තත්පරයකම හදවත් නහර බිඳ
සිටිමුත් සිනාසී පෙර මතකයන් සිඳ
ඔබ දන්නැතුව ඇති මගෙ හිත හඬන නද