ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැස්ස

වැස්ස

උදයංග අමරසේකර - ප්‍රංශය
2021-August

වැස්ස – ජපාන මහා කවි මසඔකා ෂිකි
අනුවාදය : උදයංග අමරසේකර – ප්‍රංශය

මස්සන්ගේ හිස්ගෙඩි මත
තම්මැට්ටම් වයයි
මොර සූරන
ගිම්හාන වැස්ස

මසඔකා ෂිකි (Masaoka Shiki, 1867-1902) නොහොත් මසඔකා නොබුරු යනු කීර්තිධර ජපාන කවියෙකි. ඔහු හයිකු කවියේ මහා ප්‍රාමාණිකයන් සිවුදෙනා අතරට ගැනෙයි. මේ කවියා හයිකු 25000ක් පමණ පබැඳ ඇතැයි කියැවේ. සම්ප්‍රදායික හයිකු කවියේ පැරණි මූලධර්ම පද්ධතියෙන් බැහැර නව මඟක් ගත් නිසා මසඔකා ෂිකි නුතන හයිකු කවියේ පියා ලෙස සැළකේ. ඉහත කවියට අදාළ මූලාශ්‍රය මෙසේ ය : HAIKU : ANTHOLOGIE DE LA POESIE JAPONAISE CLASSIQUE, PARIS GALLIMARD NRF , 1971, P. 78. සිතුවම පසිඳු ජපන් සිත්තරෙකු වන ඔහාරා කොසොන් (Ohara Koson,1877-1945) ගෙනි.