ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරණාගත තාරුණ්‍යය

සරණාගත තාරුණ්‍යය

සුඛිත විජයමුණි - ලන්ඩනය
2021-August

හිරු නොබසින ලොව අධිරාජ්‍යයට
පියමන් කෙරුවේ හිරිමල් වයසේ
දහසක් අරමුණු පොදි බැදගෙන මා
දිව රෑ වෙහෙසුනෙ අරගල අස්සේ

ආගන්තුකයෙක්  ලෙස දිවි ගෙවමින් මා
සිටියත් සුන්දර දෙසකට වී අද
ලැබුනත් යහමින් පවුම් පිට පවුම්
කිසියම් අඩුවක් හිත පාරනවා

නොදැනිම ජීවිතෙ ගෙවී දශකයක්
මව් රට යන්නට හිත කකියනවා
ගියහොත් ආයෙත් මෙහෙ එන්නට බෑ
කොහෙ එන්නද අම්මේ සුදු නෝනව දාලා